ක්‍රි:ව: 05 වන සියවසේදී පමණ ජපානයේ රෝල් කල හැකි චිත්‍ර සම්ප්රදායක්
පැවතුනි.එය යම්කිසි පණිවිඩයක් , අර්ථයක් ලබාදෙන ආකාරයෙන් නිර්මාණය
වුනි.වත්මන් පුවත්පත් කාටුන් කලාව දක්වා වර්දනය වුයේ මෙලෙස ඇරඹි කාටුන්
කලාවයි.දේශපාලන කාටුන් කලාවේ ආරම්භය සිදු වුයේ ඇමෙරිකාවෙනි.ඒ 1754 මැයි 09
වන දිනය.ඒ මහා බ්‍රිතාන්‍යයේ බලපෑමට විරුද්ධව බෙන්ජමින් ෆ්රැන්ක්ලින්http://en.wikipedia.org/wiki/Benjamin_Franklin නම්
කාටුන් ශිල්පිය විසින් කැබලි අටකට වෙන් වුනු සර්පයෙක් අඳිමින් එවකට රටේ
පවතී අස්ථාවරභාවය නිරුපනය කරන්නට කාටුන් කලාව යොදා ගැනීමත් සමගය.මෙම කාටුනය
join or die (එක්වෙමු,නැතිනම් මියෙමු)Diehttp://en.wikipedia.org/wiki/Join,_or_Dieයනුවෙන් නම්
කළේය.නිව්යෝර්ක්,නිව්ජර්සි ,පෙන්සිල්වේනියා ආදී පළාත් අටක් මෙඉන් නිරුපනය
විය.පසුකාලීනව මෙම කටු කලාව යුරෝපය පුරාද පැතිර ගියේය.
ලංකාවේ
පුවත්පත්වල දේශපාලන කාටුන් ඇඳීම ආරම්භ වන්නේ 1931 දිය.ඒ ජි. එස්
.ප්‍රේනාන්දු මහතා විසින් ඩොනමෝර් කොමිසම විවේචනය කරමින් අදින ලද
කාටුනයකිනි.නමුත් විදිමත් ආකාරයට දේශපාලන කාටුන් කලාවක් ආරම්භ වන්නේ
1945දිය.අ ඔබ්රි කෝලම් හා ජි. එස්. ප්‍රේනාන්දු යන දෙදෙනා the times of
ceylon (http://www.rootsweb.ancestry.com/~lkawgw/newsceylon.htm)පත්‍රයට සම්බන්ධ වීමත් සමගය.මේ කාලය ඉංග්රීසින්ගේ පාලන සමය වූ
නිසා දේශපාලන කාටුන් කලාවේ වර්ධනයක් දැකිය නොහැක.
එහෙත් නිදහසින් පසු
කාලය තුල ලංකාවේ දේශපාලන කාටුන් කලාව වර්ධනය වන්නට විය.එයට මුලිකම හේතුව
ලෙස නිදහසින් පසු ලැබුණු ප්රකාශනයේ නිදහස හඳුනා ගත හැකිය.
1978 දෙවන
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් විවුර්ත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමත් සමග
ලංකාවේ එතෙක් පැවති ප්‍රකාශන නිදහස වැඩි වන්නට විය.අ අනුව බොහෝ පුද්ගලික
ප්‍රකාශන සමාගම් බිහි වන්නට විය.මේ හරහා බිහි වූ පුවත්පත්වල දේශපාලන
කාටුනයක් සඳහා අනිවාර්ය ඉඩක් වෙන් කෙරුණි
http://www.facebook.com/pages/Sri-Lankan-Political-Cartoons-SLPC/249021758516325
.ඒ හරහා ලංකාවේ දේශපාලන කාටුන්
කලාව වර්ධනය විය.w .r .විජේසෝම , මොටගෙදර වනිගරත්න , යුනුස් , කැම්ලස්
පෙරේරා , විනි හෙට්ටිගොඩ.webshots.com/album/152484083xfChGY , ශාන්ත k . හේරත් ,k .w . ජනරංජන ,රුවන් තරස්වින්
, m .d .වීරරත්න , ප්‍රීති කන්නන්ගර අදින් මෙහිදී වැදගත් වේ.
http://www.youtube.com/watch?v=THHmZxBeexk
මෙම
ශිල්පීන්ගේ කාටුන් බොහෝ විට පවතින දේශපාලන ක්‍රමය හාස්‍යජනක ලෙස විවේචනය
කිරීමකට සිමා විය.ඇතැම් ශිල්පීන්ට තමන්ගේ පුද්ගලික දේශපාලනික මතයට වඩා
ආයතනයේ මතය නියෝජනය කරන්නට සිදු විය.එමෙන්ම ඇතැම් අවස්ථාවල කාටුන් මගින්
කියවෙන දේශපාලනය නිසාම කාටුන් ශිල්පිය ජිවිත තර්ජනයන්ට මුහුණ දුන් අවස්ථාද
තිබේ.කෙසේ වුවද වර්තමානයේ සම පුවත්පතක්ම පාහේ කාටුනයට ඉඩක් වෙන් කර තිබේ.
Monday, October 15, 2012
Thursday, September 13, 2012
මහා ජාතිය හා වර්ගවාදය.
තිස් වසරක යුද්ධයක් අවසන්ව තෙවසරකට වඩා කාලයක් ගත වී ඇති මේ මොහොතේ
ලංකාවේ සමාජ,ආර්ථික,දේශපාලනික තත්වයන් කුමනකාරද?විශේෂයෙන් දකුණේ විවිධ
දේශපාලන ශක්තින් විවිධ මුහුනුවරයන්ගෙන් ක්‍රියාත්මක වන මොහොතක,සුපර් ස්ටාර්
තෝරන මොහොතක , ට20 සඳහා සුදානම් වන මොහොතක උතුරේ තත්වය කෙසේද යන්න දකුණේ
කිසිවෙකුට ගැටළුවක් නොවේ.එහෙත් අප උතුර ගැන මෙන්ම දකුණ ගැනද ඉතා ගැඹුරින්
සිතිය යුතු කාලය එළඹ තිබේ.
යුද්ධය අවසන්ව ටික කලකින්ම උතුර නැරඹීමේ අවස්ථාව දකුණේ ජනයට ලැබුණි.මේ නිසාම දකුණේ සෑම පුද්ගලයෙක්ටම උතුර නැරඹීමට මහත් ඕන කමක් ඇති විය.උතුරට ගොස් නරබන්නට තිබුනේ කුරිරු යුද්ධයේ නටබුන්ය.ඒවා බලා සතුටු වීමේ පශ්චාත් යුධ ප්රේමිත්වයක්,යුධකාමිත්වයක් දකුණේ ජනය තුල ඒ වනවිට රෝපණය වී තිබුණි.එහි වසන ජනයා හෝ ඔවුන්ගේ ජිවන තත්වයන් හෝ සමාජ තත්වයන් කෙබඳුද යන්න සොයා බැලීමට දකුණේ ජනයට අවශ්‍ය නොවුනි.ඒ දකුණේ ජනයාගේ මහජාතියේ උන්මන්තකභාවයට මනුෂ්‍යත්වය පරාද වූ හෙයිනි.
යුද්ධය පැවති සමයේ දකුණේ සමාජය තුල දමිල පුද්ගලයකු වීම මරණයට හේතුවකි.නැතිනම් අත්අඩංගුවට පත් වීමට හෝ අඩුම තරමේ මහා ජාතියේ රවුම් ගෙරවුම්වලට ලක් වීමට හේතුවකි.එහෙත් ලංකාවේ ඉතිහාසය ගොඩනැගී ඇත්තේ සිංහල මහජාතියෙන්ම පමණක් නොවේ.සිංහල ජාතියට තරම්ම නැතත් ඔවුන්ටද දිගු ඉතිහාසයක් ලංකාවේ තිබෙන බව සිංහල රාජාවලියේම සඳහන්ය.විශේෂයෙන්ම සිංහලයේ ඇතැම් රජවරුගේ බලය රැකගැනීමට දකුණු ඉන්දීය සෙබළුන්ගේ සහාය ලබා ගන්නට කටයුතු කර තිබේ.එමෙන්ම ඇතැම් රජවරුන්ට බලය ලබා ගැනීමට සහාය ලැබුනේ ඔවුන්ගෙන්ය.තවත් රජවරුන්ට බිසෝවරුන් ගෙන ආවේ දකුණු ඉන්දියවෙන්ය.එමෙන්ම රාජාවලියේ අවසන් රජුද දමිල ජාතිකයෙකි.
වර්තමාන ලාංකීය සංස්කෘතිය ගත්තද එයද මහා ජාතියේ ශුද්ධ නිර්මිතයක් නොවේ.එය මිශ්‍ර සංස්කෘතියකි.විශ්ෂයෙන් සිංහල,දමිල,මුස්ලිම් සහ වෙනත් සුළු ජාතිකයන්ගෙන් මිශ්‍රව ගොඩ නැගුනු සංස්කෘතියකි.ලාංකික සංස්කෘතික සැමරුම් අතර සුවිශේෂී සැමරුම-සිංහල හින්දු අලුත් අවුරුද්ද යනුද සිහල දෙමල ජාතින් දෙකටම අදාල දෙයකි.එහි ආහාර පානවල සිට අනිකුත් සංස්කෘතික අංගද සිංහල දමිල සාමජිය මිශ්රතාවකි.වර්තමාන සංස්කෘතිය සිංහල බෞද්ධ මහා ජාතියේ නිර්මිතයක් හා එයටම පමණක් හිමි දෙයක් ලෙස හංවඩු ගැසීම වූ කලි වංචාවකි.අමනොඥ ක්‍රියාවකි.ජාතිවාදී වීමකි,
දමිල ජනයාගේ ආහාර රටාවේ ප්‍රධාන අංගයකි සයිවර් කෑම.සයිවර් ආහාර.ලංකාවේ බොහෝ නගරවල සයිවර් හෝටල් එකක් හෝ පවති.ඇතැම්විට එහි අයිතිකරු සිංහල ජාතිකයෙකුද විය හැක.කෙසේ වෙතත් මේ සයිවර් කෑම වේලකට ජාතිභේදයක් නැත.තෝසේ.උළුඳු වඩේ,සාම්බාරු යනු සෑම පුඩු කෑම වේලක් වැනිය. දමිලයන්ගේ ප්‍රදාන ආහාරයක් රසවත්ව කන මහා ජාතිය ආහාරවෙලට නැති ජාතිභේදයකින් පෙලෙයි.
දමිල ජනයාගෙන් අති විශාල ප්‍රමාණයක් අදහන්නේ දෙවිවරුන්ය.ලංකාවේ රාජ්‍යත්වයට විරුද්ධව ඉන්දීය රජවරුන් කල ආක්‍රමණයන් හරහා ලංකාවේ ශිව හා හින්දු ආගම පැතිරුණු බව ලංකා ඉතිහාසයේ සඳහන්ය.මෙම දේව ඇදහිලි හා දේව ආගම් සිහලයින්ගේද ඇදහිල්ලට,වන්දනයට,ගරුබුහුමනට ලක් විය.වර්තමානයේද එය එසේමය.දමිලයන්ගේ ආගමික,දෙවධාර්මික රටාවෙන් තමන්ද පිහිට පතන බව දමිල විරෝධයෙන් පෙලෙන මහා ජාතියට මතක් කර දිය යුතුව තිබේ.
ලංකාවේ කලාව තුලද දමිල ජාතික නියෝජනයන්
දැකගත හැක.සාහිත්‍ය,නාට්‍ය කලාව,සංගීත ක්ෂේත්රය,සිනමාව ආදී කලාන්ගයන්ගේ
පෝෂණය උදෙසා දමිල දායකත්වය ලැබී තිබේ.වර්තමාන ලාංකීය සිනමාව ලාංකීය
අනන්‍යතාවයක් ගොඩනගාගෙන තිබේ.අ සඳහා දායක වූ දමිල ජාතිකයන්ද සිටින වග අප
අමතක කල යුතු නැත.එමෙන්ම වර්තමානයේ දකුණු ඉන්දීය සිනමාව හා එහි නිර්මාණයන්
ලාංකිකයින්ගේ නිබඳ අවධානයට ලක් වෙමින් තිබේ.ඒ නිසාම රෙජිනි
කාන්ත්,M.G.R,මාධවන්,විජෙයි,වික්‍රම් යනු ලන්කිය්ය ප්‍රේක්ෂකයන්ගේ විරයන්ය.ත්‍රීෂා,අසින්
යනු ලාංකීය තරුණ පරම්පරාවේ සිහින කුමරියන්ය.විටෙක ලාංකීය සිනමාවටත් නැති
තරම් ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් දමිල සිනමාවට ලංකාව තුල සිටි.ඒ ප්‍රේක්ෂකයන්
සිංහල දමිල මුසල්මානුවන් මෙන්ම වෙනත් ජාතිකයන්ය.ලාංකීය මහා ජාතියට දමිල
සිනමාපට නැරඹීමේදී භාෂාව නොතේරුනද විඳින සතුටට එය බාධාවක් නොවේ.එහෙත් මහා
ජාතිය,දමිල ජාතිකයෙකුගේ රංගනය බලා අපිරිමිත සතුටක් ලබන අතරම දෙමල ජනයා දෙස
වපරැසින් බැලීම නම් මන්ද මානසිකත්වයෙන් පෙලේ.යුද්ධය අවසන්ව ටික කලකින්ම උතුර නැරඹීමේ අවස්ථාව දකුණේ ජනයට ලැබුණි.මේ නිසාම දකුණේ සෑම පුද්ගලයෙක්ටම උතුර නැරඹීමට මහත් ඕන කමක් ඇති විය.උතුරට ගොස් නරබන්නට තිබුනේ කුරිරු යුද්ධයේ නටබුන්ය.ඒවා බලා සතුටු වීමේ පශ්චාත් යුධ ප්රේමිත්වයක්,යුධකාමිත්වයක් දකුණේ ජනය තුල ඒ වනවිට රෝපණය වී තිබුණි.එහි වසන ජනයා හෝ ඔවුන්ගේ ජිවන තත්වයන් හෝ සමාජ තත්වයන් කෙබඳුද යන්න සොයා බැලීමට දකුණේ ජනයට අවශ්‍ය නොවුනි.ඒ දකුණේ ජනයාගේ මහජාතියේ උන්මන්තකභාවයට මනුෂ්‍යත්වය පරාද වූ හෙයිනි.
යුද්ධය පැවති සමයේ දකුණේ සමාජය තුල දමිල පුද්ගලයකු වීම මරණයට හේතුවකි.නැතිනම් අත්අඩංගුවට පත් වීමට හෝ අඩුම තරමේ මහා ජාතියේ රවුම් ගෙරවුම්වලට ලක් වීමට හේතුවකි.එහෙත් ලංකාවේ ඉතිහාසය ගොඩනැගී ඇත්තේ සිංහල මහජාතියෙන්ම පමණක් නොවේ.සිංහල ජාතියට තරම්ම නැතත් ඔවුන්ටද දිගු ඉතිහාසයක් ලංකාවේ තිබෙන බව සිංහල රාජාවලියේම සඳහන්ය.විශේෂයෙන්ම සිංහලයේ ඇතැම් රජවරුගේ බලය රැකගැනීමට දකුණු ඉන්දීය සෙබළුන්ගේ සහාය ලබා ගන්නට කටයුතු කර තිබේ.එමෙන්ම ඇතැම් රජවරුන්ට බලය ලබා ගැනීමට සහාය ලැබුනේ ඔවුන්ගෙන්ය.තවත් රජවරුන්ට බිසෝවරුන් ගෙන ආවේ දකුණු ඉන්දියවෙන්ය.එමෙන්ම රාජාවලියේ අවසන් රජුද දමිල ජාතිකයෙකි.
වර්තමාන ලාංකීය සංස්කෘතිය ගත්තද එයද මහා ජාතියේ ශුද්ධ නිර්මිතයක් නොවේ.එය මිශ්‍ර සංස්කෘතියකි.විශ්ෂයෙන් සිංහල,දමිල,මුස්ලිම් සහ වෙනත් සුළු ජාතිකයන්ගෙන් මිශ්‍රව ගොඩ නැගුනු සංස්කෘතියකි.ලාංකික සංස්කෘතික සැමරුම් අතර සුවිශේෂී සැමරුම-සිංහල හින්දු අලුත් අවුරුද්ද යනුද සිහල දෙමල ජාතින් දෙකටම අදාල දෙයකි.එහි ආහාර පානවල සිට අනිකුත් සංස්කෘතික අංගද සිංහල දමිල සාමජිය මිශ්රතාවකි.වර්තමාන සංස්කෘතිය සිංහල බෞද්ධ මහා ජාතියේ නිර්මිතයක් හා එයටම පමණක් හිමි දෙයක් ලෙස හංවඩු ගැසීම වූ කලි වංචාවකි.අමනොඥ ක්‍රියාවකි.ජාතිවාදී වීමකි,
දමිල ජනයාගේ ආහාර රටාවේ ප්‍රධාන අංගයකි සයිවර් කෑම.සයිවර් ආහාර.ලංකාවේ බොහෝ නගරවල සයිවර් හෝටල් එකක් හෝ පවති.ඇතැම්විට එහි අයිතිකරු සිංහල ජාතිකයෙකුද විය හැක.කෙසේ වෙතත් මේ සයිවර් කෑම වේලකට ජාතිභේදයක් නැත.තෝසේ.උළුඳු වඩේ,සාම්බාරු යනු සෑම පුඩු කෑම වේලක් වැනිය. දමිලයන්ගේ ප්‍රදාන ආහාරයක් රසවත්ව කන මහා ජාතිය ආහාරවෙලට නැති ජාතිභේදයකින් පෙලෙයි.
දමිල ජනයාගෙන් අති විශාල ප්‍රමාණයක් අදහන්නේ දෙවිවරුන්ය.ලංකාවේ රාජ්‍යත්වයට විරුද්ධව ඉන්දීය රජවරුන් කල ආක්‍රමණයන් හරහා ලංකාවේ ශිව හා හින්දු ආගම පැතිරුණු බව ලංකා ඉතිහාසයේ සඳහන්ය.මෙම දේව ඇදහිලි හා දේව ආගම් සිහලයින්ගේද ඇදහිල්ලට,වන්දනයට,ගරුබුහුමනට ලක් විය.වර්තමානයේද එය එසේමය.දමිලයන්ගේ ආගමික,දෙවධාර්මික රටාවෙන් තමන්ද පිහිට පතන බව දමිල විරෝධයෙන් පෙලෙන මහා ජාතියට මතක් කර දිය යුතුව තිබේ.
මේ වරද සිදුවන්නේ කෙසේද?
සැබවින්ම මෙය දේශපාලනික ක්‍රියාවලියකි.දේශපාලනික නිර්මිතයකි.මේ අවබෝධය ඇතී සිංහල දෙමල මුසල්මානු ජාතිකයන් අතීතයේ මෙන්ම වර්තමානයේද ජිවත් වේ.එහෙත් යම් යම් මුලධර්මවාදීන්,ධනේශ්වරයේ ගැත්තන් තමන්ගේ න්‍යායන්ගේ වාසිය උදෙසා මනුෂ්‍යත්වය පාවා දෙමින් ජාතින් අතර භේද භින්නතා ඇතී කරයි.පටු දේශපාලන වාසි උදෙසා සිදු කරන මේ අමනොඥ ක්‍රියා නිසා බැටකන්නේ සමාජයේ පහලම ස්ථරයේ සිටිනා මිනිසුන්ය.

Tuesday, September 4, 2012
ලංකාවේ අපි..........................
ලංකාවේ අපි සිංහල උනාට සිංහල කියන්නේ ලංකාවේ එකම ජාතිය නෙමේ.සිංහල අපි කතා කරන භාෂාවේ සිට සම්ප්රදාය,සංස්කෘතිය,ආර්ථිකය,දේශපාලනය ආදී බොහෝ දේ ශුද්ධ වූ සිංහල ලක්ෂණයන්ගෙන් තොරය.එනම් මේ සියල්ල ගොඩ නැගී ඇත්තේ දමිල,මුස්ලිම් ආදී වූ ලංකාවේ වෙසෙන වෙනත් ජාතීන්ගේද එකතුවෙනි.ලංකාවේ ඉතිහාසය පුරාම සිංහල,දමිල,මුස්ලිම් ආදී වූ ජාතිකයන් මෙරටෙහින් ජිවත් වී තිබේ.ඒ බවට ඉතිහාස ශාක්ෂි ඕන තරම් තිබේ.විශේෂයෙන් සිංහල සංස්කෘතිය ගොඩ නැගීම කෙරෙහි දෙමල සංස්කෘතියෙන් ඇති වී තිබෙන බල පෑම අති විශාලය.ආහාර පානවල සිට ඇඳුම් පැළදුම්,දේව ඇදහිලි හා විශ්වාස ආදී බොහෝ දේ මිශ්‍ර ලක්ෂණයන්ගෙන් යුක්තය.එහෙත් සිංහල, මහා ජාතිය බවට ලියාපදිංචි කර වර්ගවාදී න්‍යායක් මට පිහිටා බඩගෝස්තරවාදී දේශපාලනයක් ලංකාවේ බිහිකරන්නට ධනේශ්වරය කටයුතු කළේය.එහි අවසාන ප්‍රථිපලය දමිල ජනයා අසරණ කර යුදමය වශයෙන් පරාජය කර සිංහල උත්තම ජාතිය ලෙස පිහිටවිමය.දැන් සියල්ල සිදු වී හමාරය.ජාතින් වශයෙන් තමන්ට සිදු වූ පාඩුව,අවාසිය ගණනය කිරීමේ දේශපාලනය පසෙක තබා ජාතින් අතර මිත්‍රත්වය වර්ධනය කර සියලු ජාතින් එකමුතු කල යුතු කාලය දැන් එළඹ තිබේ.කතා කරන භාෂාව කුමක් වුවද ලංකාවේ අපි සියල්ලෝම ලාංකිකයෝය.එනම් ලාංකිකයන් යනු සිංහල හෝ දෙමල භාෂාවක් කතා කරන මිනිසුන්ය.බෞද්ධ,හින්දු,අල්ලා ආදී පවතින ආගමක්,තමන්ට කැමති ආගමක් අදහන ලංකාවේ වෙසෙන මිනිසුන්ය.මිශ්‍ර ජාතික,මිශ්‍ර ආගමික,මිශ්‍ර භාෂිත රට = ලංකාව.
(ආනන්ද මැදගෙදර.)
Thursday, August 9, 2012
හදුනාගත්තොත් ඔබ.............
ඔබ පුරුෂයෙක්ද?ස්ත්‍රියක්ද ?ඔබට ඔබේ ලිංගයට අදාල ක්‍රියාවලියක් හැසිරීමක් තිබේද?පුරුෂයෙකු වන ඔබට හදිස්සියෙවත් සිතුනොත් ඔබ ස්ත්‍රියක් බව /.ස්ත්‍රියක් වන ඔබට හදිස්සියෙවත් සිතුනොත් ඔබ පුරුෂයෙකු බව.නැත්නම් කවුරුන් හෝ එහෙම කිවොත්.ඔබේ ලෝකයේ ඔබට හිමි තැනට කුමක් සිදු වේද ?ලිංගය කුමක් වුවද ඔබ ක්‍රියාත්මක වන්නේ සහ මෙහෙයවෙන්නේ ප්‍රමෝදය නම් ප්‍රමුක නම් ප්‍රමුක කාරණය හේතුකොටගෙනය.ප්‍රමෝදය නැතිනම් වින්දනය තමා තුල පවතින්නක් නොව , අනෙකාගෙන් බලහත් කාරයෙන් හෝ ලබා ගන්නකි.එය වඩාත් තහවුරු කරගනු පිණිස ඔබ ඔබේ සිතට එකගව සිතා බලන්න.ඔබ සිනා සෙන්නේ ඔබ තුලම වූ කරන හෙතුකොටගෙනද?ඔබ තුලම උපන් සතුටුදායක සිතිවිල්ලකටද?නැත.අනෙකාගෙන් ලද දේ ටය.දේ යනු වෙනම කතා කල යුතු මාතෘකාවකි.අනෙකට තියෙන දේකට,අනෙක ලබා දෙන හේතුවකට ඔබ සිනාසේ.සතුටු වේ.එසේ නම් ඔබ තුල සතුටක් නැත.ඇත්තේ සතුටේ අවකාශය පමණි.
ප්‍රමෝදය අනෙකාගෙන් ලැබුම වූ කලි අනෙක හා තමා අතර සබදියාවට,ගනුදෙනුවට,සේම ගැටුමට එයම වාහකයක් වේ.කෙනෙකුගෙන් ලද ප්රමෝදයට තවකෙකු එකතු වීම ඔබ නොරුස්සයිනම් එය ගැටුමයි.නැතිනම් ප්රමෝදයට ඔබ තුල ඇති දැඩි කෑදරකම ඔබ ආත්මාර්ථකාමී පුද්ගලයෙක් කරයි.ආත්මාර්ථකාමී වීම තුල ඔබ ලබන්නේ අවාසියකි.සිමා සහිත වූ ප්‍රමෝදයකි.වර්තමාන ධනේශ්වරයේ ඔබත් මමත් ලිංගය හේතුකොටගෙන දැඩි විභජනයකට ලක් කර , ප්‍රමෝදය අහෝසි කොට තිබේ.මෙය තවදුරටත් අවබෝධ කරගැනීමට මගේ ලෝකය , කතිකා ලෝකය හා සබැ ලෝකය ඔස්සේ සිතා බලන්න.එය ඔබේ මාතෘකාව බවට පත් කරගෙන සිතන්න.වර්තමාන ලෝකය තුල මිනිසා ඒකාත්මික වූ ඒකාබද්ධ වූ සටනකට යා යුතු තත්වයක් පවතිද්දී ඔබ ඔබේ ප්‍රමෝදය මුලික කරගෙන සටන පවා දෙමින් සිටි.විප්ලවිය අරමුණකට සිත ගත මෙහෙයවීම පවා නොදෙන්න.ප්රමෝදයේ අත්මර්තකමිත්වයෙන් මිදී අනෙක හා අත්වැල් බදින්න කාලයයි මේ.
එන්න...........අපි සටන් කරමු.අපට ම හිමි ප්රමෝදයක උරුමය උදෙසා සටන් කරමු.
Subscribe to:
Posts (Atom)