Wednesday, April 3, 2013

ඔන්න එහෙනම් කොලා ඇහ්...

ඔන්න අපි දැන් ටික කාලෙකට කලින් ජනමාද්‍ය ඉගෙනගන්න ජනමාද්‍ය කොලීජියට අව කියමුකෝ.ඇවිත් මොනා මොනා හරි ඉගෙන ගත්තත් කියමුකෝ අහ්.....අනේ ඉතින් ඔය අතරට රස්තියදුත් ගැහුවත් කියමුකෝ.ඉතින් ඔය අතරට මගුල් අවමගුල් එහෙම උනත් කියමුකෝ අහ්.ලිෆ්ට් එකේ ගිහින් බැනුම් අහුවත් කියමුකෝ.ඔය වගේ තව තව දේවලුත් උන අතරේ අන්තිමට කොරන්න වැඩක් තියෙනවනේ.

 news production.....





ඔන්න ඉතින් අම්ම මුත්තා සිහි උන තැන ....

අනේ ඉතින් එක එක  ගැජමැටික් එක්ක හැප්පෙන්න තමා මුලින්න තිබුනේ.
ඇයි ඉතින් අපේ උන්ගේ අත්වලට හාස්කම් කරන්න තරම් ශක්තියක් තිබුනේ නැනේ,වෙන අයට තිබුනට.
කන්න ඕන අමුම අමු කටු කාලා දාඩිය නාලා අම්බානක මහන්සිවෙලා නොදන්නා අටමගල් සේරම අපිම ඉගෙන ගෙන කොහොමින් කොහොම හරි අපි ඔන්න ඒ වැඩෙත් කොලා ..........
නිකන්ම නෙමෙයි.නොදන්නා උන්ටත් උගන්නගෙනම.මොක උනත් අපේ කට්ටියේ අපි හැමෝම එකට ඉදපු එක මේ වැඩේට නියමෙට පිහිටලා තිබුන.
එකයි අපේ හාස්කම.
අපේ ශක්තිය.
කට්ටිය හරියට සෙට් උනොත් මේ කොලිජියේ තව මොන කරන්න බැරිවෙයිද අහ්..............




කපුගේ .............

මන් මුලින්ම කපුගේගෙ සින්දුවක් ඇහුවේ කවදද කියල මට මතක නැ.එත් මට කපුගේගෙ සින්දු අහන්න ම ඕන උනේ උසස් පෙළ පන්තියේදී.ඒ හඬ පෞර්ෂ්‍ය කොයිතරම් දේශපාලනිකයි ද මනුශිකයිද කියල ත්රෙන්න වැඩි කල් ගියේ නැ.ඒ හඬ අපි අතරින් වියැකිලා ගිහින් දැන් ගොඩක් කල්.එත් කපුගේ කියන්නේ කවදාවත් මැරෙන්නේ නැති මනුස්සයෙක්.අද කපුගේ අනුස්මරණිය දවස.මේ 10 වැනි අනුස්මරණය කපුගේ අමරණිය කරන තවත් එක දවසක් .................

Sunday, January 6, 2013

හිරුට තුති........




හිරුට තුති........



ජනමාධ්‍ය විකාරයක්,වාතයක්,ව්‍යාපාරයක් උන කාලෙක අපි ජනමාධ්‍ය ඉගෙනගන්න ආවේ.ඒ ඉගෙනීමේ එක කඩඉමක් පහුගිය මාසේ අපි පහු කලා.ඒ හිරුත් එක්ක එකතු වෙලා.මටත් මගේ සගයින්ටත් ආඩම්බරයක් නැතිව හිරු පවුල දුන්න සහයෝගය විශිෂ්ටයි.


 

හැමෝටම බොහොම ස්තුතියි .............

ආදරී ......


හෙමි හෙමින් ඇවිදින්
හිත පුර දුවමින්
දඟකාරකම් කරන
මනමාලකම් කරන
ඉසෝරා කුමාරි
සඳ සරාවී
ආදරී ......
මේ අහස මනරම්
තරුවක්ය නුඹ දැන්
හිතවන්තකම නම්
බෝමයි....අපුරුයි.
සිහින තරුමල්
එකින් එක පිපිලා
අහස නුඹ
මුදු සුවඳ පිරිලා.
තරු එලිය යට
සෙවන ලදී මම
පාවී පාවී නුඹ තුරුල්ලේ
නිදමි මම.
සඳ ඇබින්දක
මුදු හාදුවක් .................දෙකක්
දුන්නු හැටි නුඹ
ඉතින් දැන් අපි
ආදරේ නැ කියනු කවුරුද?
ප්‍රේමයේ බණවරට
නුඹ නිමිති වීලා
ජිවිතේ අරමුණක
නුඹේ නමත් රැදිලා
ආදරෙන් නුඹ ලගම
මන් හිඳිමි රැඳිලා......
.ආනන්ද.


 

මලානික අහස යට


මලානික අහස යට
වලාකුල් හඬනකොට
ලිහිනියේ දුටිමි මම
තටු සල සිනාසෙන නුඹ..........
ප්‍රේමයේ මතක ඇහරි
රිදුම් දෙන රාත්‍රිය
කදෝපැණි එලියක්ව
අවදි කෙරුවේ නුඹයි
මට මතක ආදරය
සඳ තරම් එළියයි........
මිතුරු දම් සතුරු වී
තටු කැඩුණු දහවලක
අතරමන් කර දමා
ප්‍රේමයේ බනවරම
ඉගිල්ලී යන නුඹට
සුබ පතමි ඉතා සිතින
දැන් ඉතින් මගෙ ලොවම
දහවලත් රැයකි මට ...............
"ආනන්ද"


එන්න පුලුවන්ද අද






එන්න පුලුවන්ද අද
සඳ මෝදු වෙන රෑට
ඉද ගන්න සඳ ලගම
මට පෙනෙන තරුවක්ව .........
පල නොලත් ප්‍රේමයක
හීන හරි ලස්සනයි
දුක උනත් මට දුන්න
නුඹට මං ආදරෙයි
නුඹ නොඑන බව දන්න
දෑස පෙර මග බලයි
එක හිතක ආදරය
තරු එලිය වාගෙයි ...



Monday, October 15, 2012

ලංකාවේ දේශපාලන කාටුන් කලාව.

ක්‍රි:ව: 05 වන සියවසේදී පමණ ජපානයේ රෝල් කල හැකි චිත්‍ර සම්ප්‍රදායක් පැවතුනි.එය යම්කිසි පණිවිඩයක් , අර්ථයක් ලබාදෙන ආකාරයෙන් නිර්මාණය වුනි.වත්මන් පුවත්පත් කාටුන් කලාව දක්වා වර්දනය වුයේ මෙලෙස ඇරඹි කාටුන් කලාවයි.දේශපාලන කාටුන් කලාවේ ආරම්භය සිදු වුයේ ඇමෙරිකාවෙනි.ඒ 1754 මැයි 09 වන දිනය.ඒ මහා බ්‍රිතාන්‍යයේ බලපෑමට විරුද්ධව බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්http://en.wikipedia.org/wiki/Benjamin_Franklin නම් කාටුන් ශිල්පිය විසින් කැබලි අටකට වෙන් වුනු සර්පයෙක් අඳිමින් එවකට රටේ පවතී අස්ථාවරභාවය නිරුපනය කරන්නට කාටුන් කලාව යොදා ගැනීමත් සමගය.මෙම කාටුනය join or die (එක්වෙමු,නැතිනම් මියෙමු)Diehttp://en.wikipedia.org/wiki/Join,_or_Dieයනුවෙන් නම් කළේය.නිව්යෝර්ක්,නිව්ජර්සි ,පෙන්සිල්වේනියා ආදී පළාත් අටක් මෙඉන් නිරුපනය විය.පසුකාලීනව මෙම කටු කලාව යුරෝපය පුරාද පැතිර ගියේය.
ලංකාවේ පුවත්පත්වල දේශපාලන කාටුන් ඇඳීම ආරම්භ වන්නේ 1931 දිය.ඒ ජි. එස් .ප්‍රේනාන්දු මහතා විසින් ඩොනමෝර් කොමිසම විවේචනය කරමින් අදින ලද කාටුනයකිනි.නමුත් විදිමත් ආකාරයට දේශපාලන කාටුන් කලාවක් ආරම්භ වන්නේ 1945දිය.අ ඔබ්රි කෝලම් හා ජි. එස්. ප්‍රේනාන්දු යන දෙදෙනා the times of ceylon (http://www.rootsweb.ancestry.com/~lkawgw/newsceylon.htm)පත්‍රයට සම්බන්ධ වීමත් සමගය.මේ කාලය ඉංග්‍රීසින්ගේ පාලන සමය වූ නිසා දේශපාලන කාටුන් කලාවේ වර්ධනයක් දැකිය නොහැක.
එහෙත් නිදහසින් පසු කාලය තුල ලංකාවේ දේශපාලන කාටුන් කලාව වර්ධනය වන්නට විය.එයට මුලිකම හේතුව ලෙස නිදහසින් පසු ලැබුණු ප්‍රකාශනයේ නිදහස හඳුනා ගත හැකිය.
1978 දෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් විවුර්ත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමත් සමග ලංකාවේ එතෙක් පැවති ප්‍රකාශන නිදහස වැඩි වන්නට විය.අ අනුව බොහෝ පුද්ගලික ප්‍රකාශන සමාගම් බිහි වන්නට විය.මේ හරහා බිහි වූ පුවත්පත්වල දේශපාලන කාටුනයක් සඳහා අනිවාර්ය ඉඩක් වෙන් කෙරුණි
http://www.facebook.com/pages/Sri-Lankan-Political-Cartoons-SLPC/249021758516325
.ඒ හරහා ලංකාවේ දේශපාලන කාටුන් කලාව වර්ධනය විය.w .r .විජේසෝම , මොටගෙදර වනිගරත්න , යුනුස් , කැම්ලස් පෙරේරා , විනි හෙට්ටිගොඩ.webshots.com/album/152484083xfChGY , ශාන්ත k . හේරත් ,k .w . ජනරංජන ,රුවන් තරස්වින් , m .d .වීරරත්න , ප්‍රීති කන්නන්ගර අදින් මෙහිදී වැදගත් වේ.
http://www.youtube.com/watch?v=THHmZxBeexk
මෙම ශිල්පීන්ගේ කාටුන් බොහෝ විට පවතින දේශපාලන ක්‍රමය හාස්‍යජනක ලෙස විවේචනය කිරීමකට සිමා විය.ඇතැම් ශිල්පීන්ට තමන්ගේ පුද්ගලික දේශපාලනික මතයට වඩා ආයතනයේ මතය නියෝජනය කරන්නට සිදු විය.එමෙන්ම ඇතැම් අවස්ථාවල කාටුන් මගින් කියවෙන දේශපාලනය නිසාම කාටුන් ශිල්පිය ජිවිත තර්ජනයන්ට මුහුණ දුන් අවස්ථාද තිබේ.කෙසේ වුවද වර්තමානයේ සම පුවත්පතක්ම පාහේ කාටුනයට ඉඩක් වෙන් කර තිබේ.