Thursday, August 9, 2012

හදුනාගත්තොත් ඔබ.............



ඔබ පුරුෂයෙක්ද?ස්ත්රියක්ද ?ඔබට ඔබේ ලිංගයට අදාල ක්‍රියාවලියක් හැසිරීමක් තිබේද?පුරුෂයෙකු වන ඔබට හදිස්සියෙවත් සිතුනොත් ඔබ ස්ත්‍රියක් බව /.ස්ත්‍රියක් වන ඔබට හදිස්සියෙවත් සිතුනොත් ඔබ පුරුෂයෙකු බව.නැත්නම් කවුරුන් හෝ එහෙම කිවොත්.ඔබේ ලෝකයේ ඔබට හිමි තැනට කුමක් සිදු වේද ?ලිංගය කුමක් වුවද ඔබ ක්‍රියාත්මක වන්නේ සහ මෙහෙයවෙන්නේ ප්‍රමෝදය නම් ප්‍රමුක නම් ප්‍රමුක කාරණය හේතුකොටගෙනය.ප්‍රමෝදය නැතිනම් වින්දනය තමා තුල පවතින්නක් නොව , අනෙකාගෙන් බලහත් කාරයෙන් හෝ ලබා ගන්නකි.එය වඩාත් තහවුරු කරගනු පිණිස ඔබ ඔබේ සිතට එකගව සිතා බලන්න.ඔබ සිනා සෙන්නේ ඔබ තුලම වූ කරන හෙතුකොටගෙනද?ඔබ තුලම උපන් සතුටුදායක සිතිවිල්ලකටද?නැත.අනෙකාගෙන් ලද දේ ටය.දේ යනු වෙනම කතා කල යුතු මාතෘකාවකි.අනෙකට තියෙන දේකට,අනෙක ලබා දෙන හේතුවකට ඔබ සිනාසේ.සතුටු වේ.එසේ නම් ඔබ තුල සතුටක් නැත.ඇත්තේ සතුටේ අවකාශය පමණි.


ප්‍රමෝදය අනෙකාගෙන් ලැබුම වූ කලි අනෙක හා තමා අතර සබදියාවට,ගනුදෙනුවට,සේම ගැටුමට එයම වාහකයක් වේ.කෙනෙකුගෙන් ලද ප්‍රමෝදයට තවකෙකු එකතු වීම ඔබ නොරුස්සයිනම් එය ගැටුමයි.නැතිනම් ප්‍රමෝදයට ඔබ තුල ඇති දැඩි කෑදරකම ඔබ ආත්මාර්ථකාමී පුද්ගලයෙක් කරයි.ආත්මාර්ථකාමී වීම තුල ඔබ ලබන්නේ අවාසියකි.සිමා සහිත වූ ප්‍රමෝදයකි.වර්තමාන ධනේශ්වරයේ ඔබත් මමත් ලිංගය හේතුකොටගෙන දැඩි විභජනයකට ලක් කර , ප්‍රමෝදය අහෝසි කොට තිබේ.මෙය තවදුරටත් අවබෝධ කරගැනීමට මගේ ලෝකය , කතිකා ලෝකය හා සබැ ලෝකය ඔස්සේ සිතා බලන්න.එය ඔබේ මාතෘකාව බවට පත් කරගෙන සිතන්න.වර්තමාන ලෝකය තුල මිනිසා ඒකාත්මික වූ ඒකාබද්ධ වූ සටනකට යා යුතු තත්වයක් පවතිද්දී ඔබ ඔබේ ප්‍රමෝදය මුලික  කරගෙන සටන පවා දෙමින් සිටි.විප්ලවිය අරමුණකට සිත ගත මෙහෙයවීම පවා නොදෙන්න.ප්‍රමෝදයේ අත්මර්තකමිත්වයෙන් මිදී අනෙක හා අත්වැල් බදින්න කාලයයි මේ. 


එන්න...........අපි සටන් කරමු.අපට ම හිමි ප්‍රමෝදයක උරුමය උදෙසා සටන් කරමු.