Wednesday, July 25, 2012

සොඳුරු දිනයක සොඳුරුම සටහන්..............
අපේ කාලයේ අපට සොඳුරු වූ තක්සලාවේ -ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ නිල සංවිධායකත්වය යටතේ විද්‍යාලයීය දිනය ඊයේ (2012.07.25) දින ටොරින්ටන් පිටියේදී පැවැත්වුනි.විද්‍යාලයීය සිසුන් තිස් දෙනෙකුගේ පමණ සහභාගිත්වයකින් හා විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ හා ආදී සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම විද්‍යාලයීය දිනය සහභාගී වූ සැමට සතුටට කරුණක් විය.ගුරු සිසු පරතරය ,භාෂා භේද ,වර්ණ භේද ,අලුත් පරණ භේද සියල්ල පසෙකලා එකාවන්ව තරඟ කර ,එකාවන්ව සතුටු වූ ඒ දිනය බොහෝ අඩුපාඩුකම්වලින් හා සංවිධානත්වයේ දුර්වලකමින් යුක්ත වීම කණගාටුවට කරුණකි.
විශේෂයෙන් මෙවැනි ආයතනයක මෙවැනි උත්සවයක් මෙහි පාලනාධිකාරිය මගින් සංවිධානය කිරීම වූ කලි එය ආයතනයේ ළමුන්ට ආදර්ශවත් මෙන්ම ඉහල සාර්ථකත්වයකින් යුක්තවීම සියල්ලන්ගේම අපේක්ෂාවයි.විද්‍යාලයේ ගෞරවයත් ,අභිමානයත් ආරක්ෂා වන හා ගොඩ නැගෙන ආකාරයෙන් ළමුන් අතර අන්‍යොන්‍ය සුහදත්වය වර්ධනය වන ආකාරයෙන් විද්‍යාලයීය දිනය සංවිධානය විය යුතුව තිබේ.විශේෂයෙන්ම සිහල දෙමල මුස්ලිම් ආදී බහු ජන නියෝජනයත් බහු භාෂා භාවිතයත් සහිත මෙවන් ආයතනයක සියල්ලන් අතරම ඉහල සුහදත්වයක් වර්ධනය වීම ජනමාධ්‍ය විශයනුබද්දවත් ආදර්ශමත් වේ.ඒ  මහජනයා අතර සුවිශේෂී පුද්ගලයෙක් ලෙස ගොඩ නැගෙන අනාගත ජනමාධ්‍යවේදීන් වන විද්‍යාලයීය සිසුන්ගේ බුද්ධිමත් මනසට මනුෂ්‍යත්වය එක කල හැකි හොඳම අවස්ථාවක් මෙය වන බැවිනි.
කාරණය කෙසේ වුවද වත්මන් ආයතන ප්‍රධානින් තම ඒකාධිපතිත්වයේ බලය පතුරුවමින් තම සිතැඟි පරිදි සංවිධානය කල විද්‍යාලයීය දිනය දිවා ආහාරයටත් කොකා කෝලා බීමටත් මුලිකත්වය දුන් කැමති සෙල්ලමක් කර සතුටු වීමටත් ඉඩ දුන් දිනයක් විය.ඉතා සුළු කාලයක් තුල සංවිධානය කල මෙය කෙසේ හෝ පවත්වා "අපේ වැඩේ අපි කලා......."න්‍යායෙන් විලි වසාගැනීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.
බාහිර සමාජය පිලිබඳ බිඳකුදු අවබෝධයක් නොමැති බවටද පැහැදිලි කරුණකි.එනම් මෙම කලා සිමාව මුසල්මානුවන්ගේ උපවාස සමයයි.මෙවන් පසුබිමක මෙවැනි උත්සවයකට ඔවුන්ට සහබාගි වීමට ඇති හැකියාව පිලිබඳ නොසිතා මෙය සංවිධානය කිරීමෙන් මුස්ලිම් සිසුන් දැඩි අපහසුතාවයට පත්වුනි.උපවාස සමයක ක්‍රීඩා කිරීම,විනෝද ක්‍රීඩා කිරීම ඉතා අපහසු බව දන්නේ ඔවුන් පමණක්ද?මේ පිලිබඳ අවබෝධයක් සංවිධායකයන්ට තිබුනද තමන්ගේ මමත්වය හා බලය ඊට ඉහලින් පතුරුවමින් නියමිත දිනයට සියල්ල සිදුකරන්නට පාලකයන් කටයුතු කළේය.එහෙත් සතුටට කාරණයනම් මුස්ලිම් සිසුන් සියලුදෙනාම නැතත් කිහිප දෙනෙකු තම ශක්ති පමණින් ඉතා උද්යෝගයෙන් සහබාගි වීමය.ඔවුන්ගේ ඒ කැපකිරීම සියලු දෙනාම ඉතා ඉහලින් අගය කලා යුතුමය.
සන්විධයකත්වයේ අනෙක් ප්‍රධාන දුර්වලතාවය සන්නිවේදනයයි.විශේෂයෙන් අදින් සිසුන් වෙත කල්තියා දැනුම් නොදීම මත අදාල දිනයේදී ඔවුන්ගේ සහභාගිත්වය අවිනිශ්චිත විය.වත්මන් සිසුන් හා ආදී සිසුන් අතර ගොඩ නැගෙන්නට අවශ්‍යම වුර්තිමය සබඳතා ගොඩ නැගීම කෙරෙහි බාධා ඒ නිසා ඇති විය.එහෙත් හැකි සැම දෙනාම හැකි අයුරින් සහබාගි වී එම අඩුව පිරවීම සතුටට කරුණකි.
තවත් සුවිශේෂී කරුණක් නම් ශබ්ධවාහිනී යන්ත්‍ර හෝ D J භාවිත කළනොහැකි ක්‍රීඩා පිටියක ජනමාධ්‍ය විද්‍යාලයේ විද්‍යාලයීය දිනය පැවැත්වීම.සිසුන් විසින් සංවිධානය කලා ක්‍රීඩා තරඟ ,විනෝද ක්‍රීඩා ආදියට සංගීතය අවශ්‍යම වූ අවස්ථා එමට තිබුණි.එහෙත් තහංචි ඊට වඩා බලවත් වූ පසුබිමක මදුරු සංගීතයකින් සියලු අවශ්‍යතා සපුරා ගැනීමට සිදු විය.එහෙත් වඩා ඉඩකඩ ඇති අවශ්‍ය ආකාරයට ශබ්ධවාහිනී යන්ත්‍ර භාවිත කළ හැකි අඩු කුලී පදනමක් යටතේ ලබා ගත හැකි ක්‍රීඩා පිටියක් තිබුන බවත් වංචා සහගත ලෙස ඉහල මිලකට එය ලබාගෙන තමනටත් මුදලක් ලබාගැනීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවත් කෙසේ හෝ එය අසාර්ථක වූ බවත් දන්නෝ දනිති.
කෙසේ වුවද කොතෙක් අඩුපාඩුකම් යටතේ වුවද අසාර්ථක නොවන සාර්ථකතත්වයකින් විද්‍යාලයීය දිනය සැමරීමට සහබාගි වූ සැමටම හැකි විය.පැවති ක්‍රිකට් තරඟ හා විනෝද ක්‍රීඩා ගුරු සිසු පරතරය පරදා ජාති භේධ  පරයා භාෂා භේධ මග හැර සතුටම මුලික කරගෙන සාර්ථකව පැවැත්වුනි.එහෙත් විද්‍යාලයීය ශිෂ්‍යාවන් අතර පැවති ක්‍රිකට් තරඟයේ දෙපිල බෙදීම ඇතැමුන්ගේ සුත් තුල සන්තාපයක් ඇති කළ බව නොකියම බැරිය.බොහෝ විනෝද ක්‍රීඩාවන් අවසානයේ ජයග්‍රාහකයන් තෝරා ත්‍යාගයන් පිරිනැමීමට කටයුතු කිරීමද පැසසිය යුතුය.සියල්ල අවසානයේ බොහෝ දෙනාගේ මතයකයන් අවදිව පසුගිය මාර්තුවේ ළමුන්ගේ සංවිධානත්වයෙන් පැවැත්වූ සුහද දිනය පිලිබඳ මුමුණන්නට විය.බොහෝ දෙනාගේ මතයන්ට අනුව එය මෙයට වඩා සාර්ථක ප්‍රතිපලදායක දිනයක් විය.
පාලක ප්‍රජාවගේ අනුවන සංවිධානත්වය යටතේ "අපේ වැඩේ අපි කලා"න්‍යායෙන් සංවිධානය වූ විද්‍යාල දිනය සිසුන්ගේ එකමුතුව හා සුහදත්වයේ ශක්තිය මත සාර්ථකව නිම විය.අනාගත පරම්පරාවට නිසි මන් තනන අපේ කාලයේ දක්ෂ මාර්ගෝපදේශකයන් -ජනමාධ්‍යවේදීන් ලෙස ගොඩ නැගෙන අපේ ඒ ශිෂ්‍ය ප්‍රජාවේ ශක්තිය එකමුතුව මහා බලවෙගයක්ව තව කල් පවතිනු නිසැකය.

No comments:

Post a Comment