Wednesday, July 25, 2012

සොඳුරු දිනයක සොඳුරුම සටහන්..............
අපේ කාලයේ අපට සොඳුරු වූ තක්සලාවේ -ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ නිල සංවිධායකත්වය යටතේ විද්‍යාලයීය දිනය ඊයේ (2012.07.25) දින ටොරින්ටන් පිටියේදී පැවැත්වුනි.විද්‍යාලයීය සිසුන් තිස් දෙනෙකුගේ පමණ සහභාගිත්වයකින් හා විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ හා ආදී සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම විද්‍යාලයීය දිනය සහභාගී වූ සැමට සතුටට කරුණක් විය.ගුරු සිසු පරතරය ,භාෂා භේද ,වර්ණ භේද ,අලුත් පරණ භේද සියල්ල පසෙකලා එකාවන්ව තරඟ කර ,එකාවන්ව සතුටු වූ ඒ දිනය බොහෝ අඩුපාඩුකම්වලින් හා සංවිධානත්වයේ දුර්වලකමින් යුක්ත වීම කණගාටුවට කරුණකි.
විශේෂයෙන් මෙවැනි ආයතනයක මෙවැනි උත්සවයක් මෙහි පාලනාධිකාරිය මගින් සංවිධානය කිරීම වූ කලි එය ආයතනයේ ළමුන්ට ආදර්ශවත් මෙන්ම ඉහල සාර්ථකත්වයකින් යුක්තවීම සියල්ලන්ගේම අපේක්ෂාවයි.විද්‍යාලයේ ගෞරවයත් ,අභිමානයත් ආරක්ෂා වන හා ගොඩ නැගෙන ආකාරයෙන් ළමුන් අතර අන්‍යොන්‍ය සුහදත්වය වර්ධනය වන ආකාරයෙන් විද්‍යාලයීය දිනය සංවිධානය විය යුතුව තිබේ.විශේෂයෙන්ම සිහල දෙමල මුස්ලිම් ආදී බහු ජන නියෝජනයත් බහු භාෂා භාවිතයත් සහිත මෙවන් ආයතනයක සියල්ලන් අතරම ඉහල සුහදත්වයක් වර්ධනය වීම ජනමාධ්‍ය විශයනුබද්දවත් ආදර්ශමත් වේ.ඒ  මහජනයා අතර සුවිශේෂී පුද්ගලයෙක් ලෙස ගොඩ නැගෙන අනාගත ජනමාධ්‍යවේදීන් වන විද්‍යාලයීය සිසුන්ගේ බුද්ධිමත් මනසට මනුෂ්‍යත්වය එක කල හැකි හොඳම අවස්ථාවක් මෙය වන බැවිනි.
කාරණය කෙසේ වුවද වත්මන් ආයතන ප්‍රධානින් තම ඒකාධිපතිත්වයේ බලය පතුරුවමින් තම සිතැඟි පරිදි සංවිධානය කල විද්‍යාලයීය දිනය දිවා ආහාරයටත් කොකා කෝලා බීමටත් මුලිකත්වය දුන් කැමති සෙල්ලමක් කර සතුටු වීමටත් ඉඩ දුන් දිනයක් විය.ඉතා සුළු කාලයක් තුල සංවිධානය කල මෙය කෙසේ හෝ පවත්වා "අපේ වැඩේ අපි කලා......."න්‍යායෙන් විලි වසාගැනීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.
බාහිර සමාජය පිලිබඳ බිඳකුදු අවබෝධයක් නොමැති බවටද පැහැදිලි කරුණකි.එනම් මෙම කලා සිමාව මුසල්මානුවන්ගේ උපවාස සමයයි.මෙවන් පසුබිමක මෙවැනි උත්සවයකට ඔවුන්ට සහබාගි වීමට ඇති හැකියාව පිලිබඳ නොසිතා මෙය සංවිධානය කිරීමෙන් මුස්ලිම් සිසුන් දැඩි අපහසුතාවයට පත්වුනි.උපවාස සමයක ක්‍රීඩා කිරීම,විනෝද ක්‍රීඩා කිරීම ඉතා අපහසු බව දන්නේ ඔවුන් පමණක්ද?මේ පිලිබඳ අවබෝධයක් සංවිධායකයන්ට තිබුනද තමන්ගේ මමත්වය හා බලය ඊට ඉහලින් පතුරුවමින් නියමිත දිනයට සියල්ල සිදුකරන්නට පාලකයන් කටයුතු කළේය.එහෙත් සතුටට කාරණයනම් මුස්ලිම් සිසුන් සියලුදෙනාම නැතත් කිහිප දෙනෙකු තම ශක්ති පමණින් ඉතා උද්යෝගයෙන් සහබාගි වීමය.ඔවුන්ගේ ඒ කැපකිරීම සියලු දෙනාම ඉතා ඉහලින් අගය කලා යුතුමය.
සන්විධයකත්වයේ අනෙක් ප්‍රධාන දුර්වලතාවය සන්නිවේදනයයි.විශේෂයෙන් අදින් සිසුන් වෙත කල්තියා දැනුම් නොදීම මත අදාල දිනයේදී ඔවුන්ගේ සහභාගිත්වය අවිනිශ්චිත විය.වත්මන් සිසුන් හා ආදී සිසුන් අතර ගොඩ නැගෙන්නට අවශ්‍යම වුර්තිමය සබඳතා ගොඩ නැගීම කෙරෙහි බාධා ඒ නිසා ඇති විය.එහෙත් හැකි සැම දෙනාම හැකි අයුරින් සහබාගි වී එම අඩුව පිරවීම සතුටට කරුණකි.
තවත් සුවිශේෂී කරුණක් නම් ශබ්ධවාහිනී යන්ත්‍ර හෝ D J භාවිත කළනොහැකි ක්‍රීඩා පිටියක ජනමාධ්‍ය විද්‍යාලයේ විද්‍යාලයීය දිනය පැවැත්වීම.සිසුන් විසින් සංවිධානය කලා ක්‍රීඩා තරඟ ,විනෝද ක්‍රීඩා ආදියට සංගීතය අවශ්‍යම වූ අවස්ථා එමට තිබුණි.එහෙත් තහංචි ඊට වඩා බලවත් වූ පසුබිමක මදුරු සංගීතයකින් සියලු අවශ්‍යතා සපුරා ගැනීමට සිදු විය.එහෙත් වඩා ඉඩකඩ ඇති අවශ්‍ය ආකාරයට ශබ්ධවාහිනී යන්ත්‍ර භාවිත කළ හැකි අඩු කුලී පදනමක් යටතේ ලබා ගත හැකි ක්‍රීඩා පිටියක් තිබුන බවත් වංචා සහගත ලෙස ඉහල මිලකට එය ලබාගෙන තමනටත් මුදලක් ලබාගැනීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවත් කෙසේ හෝ එය අසාර්ථක වූ බවත් දන්නෝ දනිති.
කෙසේ වුවද කොතෙක් අඩුපාඩුකම් යටතේ වුවද අසාර්ථක නොවන සාර්ථකතත්වයකින් විද්‍යාලයීය දිනය සැමරීමට සහබාගි වූ සැමටම හැකි විය.පැවති ක්‍රිකට් තරඟ හා විනෝද ක්‍රීඩා ගුරු සිසු පරතරය පරදා ජාති භේධ  පරයා භාෂා භේධ මග හැර සතුටම මුලික කරගෙන සාර්ථකව පැවැත්වුනි.එහෙත් විද්‍යාලයීය ශිෂ්‍යාවන් අතර පැවති ක්‍රිකට් තරඟයේ දෙපිල බෙදීම ඇතැමුන්ගේ සුත් තුල සන්තාපයක් ඇති කළ බව නොකියම බැරිය.බොහෝ විනෝද ක්‍රීඩාවන් අවසානයේ ජයග්‍රාහකයන් තෝරා ත්‍යාගයන් පිරිනැමීමට කටයුතු කිරීමද පැසසිය යුතුය.සියල්ල අවසානයේ බොහෝ දෙනාගේ මතයකයන් අවදිව පසුගිය මාර්තුවේ ළමුන්ගේ සංවිධානත්වයෙන් පැවැත්වූ සුහද දිනය පිලිබඳ මුමුණන්නට විය.බොහෝ දෙනාගේ මතයන්ට අනුව එය මෙයට වඩා සාර්ථක ප්‍රතිපලදායක දිනයක් විය.
පාලක ප්‍රජාවගේ අනුවන සංවිධානත්වය යටතේ "අපේ වැඩේ අපි කලා"න්‍යායෙන් සංවිධානය වූ විද්‍යාල දිනය සිසුන්ගේ එකමුතුව හා සුහදත්වයේ ශක්තිය මත සාර්ථකව නිම විය.අනාගත පරම්පරාවට නිසි මන් තනන අපේ කාලයේ දක්ෂ මාර්ගෝපදේශකයන් -ජනමාධ්‍යවේදීන් ලෙස ගොඩ නැගෙන අපේ ඒ ශිෂ්‍ය ප්‍රජාවේ ශක්තිය එකමුතුව මහා බලවෙගයක්ව තව කල් පවතිනු නිසැකය.

Sunday, July 8, 2012

සල්ලි සල්ලි දෙයියන්ගේ      මල්ලි
බල්ලොත් නොකන              සල්ලි

සල්ලි එහෙම නැත්නම් මුදල් වර්තමාන ධනේශ්වර ආර්ථික ක්‍රමයේ මුල සාධකය,ගාමක බලවේගයයි.අද හැමදේම තීරණය වෙන්නේ ,රැදී පවතින්නේ මුදල් මත.වර්තමාන අපේ පරම්පරාවේ අතීතයට වගේම අනාගතයටත් මේ මුදල් කොඉතරම් බලපෑමක් කරනවද ?යන්න මෙය කියවන ඔබ නොදන්නවා විය නොහැක.ගමනක් යන්න ,කෑමක් කන්න ,film එකක් බලන්න ,drama එකක් බලන්න ,trip එකක් යන්න,love කරන්න   ආදී වූ කුඩා සාධකවල සිට ඉගෙනීම ,පාසල් හෝ විශ්වවිද්‍යාලයට යාමට , කසාද බැඳීම,ආදී වූ මහා සාධකවලද පැවැත්ම හෝ ඉටු වීම තීරණය වන්නේ මුදල මතය,සල්ලි මතය.අපේ ජිවිත වෙනස් කරන්න නැතිනම් ගොඩ නගන්න ,වීරයෙක් කරන්න,හොඳ හෝ නරක මනුස්සයෙක් කරන්න සල්ලි ඒ තරමටම බලපෑමක් කරනවා.සල්ලි කියන්නේ පුළුල් දේශපාලනික,සංස්කෘතික නිර්මිතයක්.කතිකාවතකට හොඳ මාතෘකාවක් .........මන් කියන්න හදන්නේ මේ සල්ලිවල ශක්තිය ගැන නෙමේ.වෙන දෙයක් ..........
පොඩ්ඩක් හිතන්න.සල්ලි .......කොඉ තරම් අපවිත්රද? අද ඔබ අතට එන රුපියල් 10 කොලය කි දෙනෙක් අතේ තියෙන්න ඇතිද?කොහොම තැන්වල තියෙන්න ඇතිද?එක දවසට කි දෙනෙක් ඔය රුපියල් 10 අල්ලන්න ඇතිද?කි දෙනෙක්ගේ දාඩිය ,කුණු ජරාව දුවිලි ගවෙන්න ඇතිද?දුප්පත් පොහොසත්  _ උස කොට _ කෙට්ටු මහත _ලස්සන කතා _පිරිසිදු අපිරිසිදු .................ඕනෑම කෙනෙක් අතේ මේ 10 කොලේ තියෙන්න ඇති.තියෙන්න පුළුවන්.අපි පන නැහිගෙන,වලි කාගෙන .ගහ මරාගෙන හම්බ කරන්න හදන සල්ලි,එහම නැත්නම් හොඳට ඉගෙනගෙන degree අරන් හමබකරන සල්ලි කොයි තරම් අපිරිසිදුද ?ඉතින් වැඩිම පිරිසක් අත පත ගාන සල්ලි කොයි තරම් අපිරිසිදුද ?

Thursday, July 5, 2012

දෙවැනි එලිසබෙත් රැජින ..........
1929.04.21 ලන්ඩන්හි දී උපන් ඇගේ සම්පුර්ණ නම එලිසබෙත් අලෙක්සන්ද්‍ර මේරි නම් වේ.1947 දී පිලිප් කුමරු හා විවාහ විය.අවුරුදු 25 දී මහරැජින ලෙස ඔටුනු පැලදුවය.ඒ 1952 දී ඇයගේ පියා වූ හයවෙනි ජෝර්ජ් රජුගේ අභාවයත් සමගිනි.මහා රැජින තවමත් කැනඩාව,ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 16 ට නම මාත්‍රික රාජ්‍ය නායිකාවයි.ඇය පසුගියදා සිය රාජ්‍ය දිවියේ 60 වන වසර සැමරුවාය.

Tuesday, July 3, 2012

අදහසක්

ජිවත් වීම උදෙසා ලිවීමවත් ,ලිවීම උදෙසා ජීවත් වීමවත් නොකළ යුත්තේය .සජීවී භාෂාවක ලිවීම ප්‍රාණවත් ජාතියක ගාමක බලවේගය වන්නේය .

ගමේ යන්නට අවුරුද්දක්

අලුත්  අවුරුද්ද යනු ගමේ යන්න නිවාඩු ලැබෙන තවත් එක අවස්ථාවක් නොවේ.එය මානුෂිය සබඳතා මුල් කරගත් සංස්කෘතිකමය ක්‍රියාදාමයකි.වර්තමාන සමාජයේ අලුත් අවුරුද්ද වාණිජමය සාධකයක් පමණක් වී තිබේ.එනම් වෙළඳ කාරණාවක් පමණි.එහෙත්අවුරුද්දට ලැබෙන වැදගත්කම අඩුවන්නේ නැත.ඇතැම් ආයතනයන්ගේ සිදුවන අනුවන ක්‍රියා නිසා එම ආයතනයන්ට අනුයුක්ත පුද්ගලයන්ට එළබෙන අලුත් අවුරුද්ද ගමේ යන්නට පමණක් ලැබෙන තවත් එක නිවාඩුවක් වීම කණගාටුවට කරුණකි.

පැටලුන ලෝකයක කම්කරු දින සැමරුම

සම්පුර්ණයෙන් සියලුම දේවල් පැටලුන ලෝකයක,සමාජයක,රටක සුවිශේෂී සැමරුම් දිනයක් හෙට උදාවේ.ඒ ලෝක කම්කරු දින සැමරුමයි.නැතිනම් මැයි දින සැමරුමයි.1886 මැයි 01 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර සුවිශේෂ සිදුවීමක් විය.ඒ වැඩ වර්ජනයකි.තමන් වැඩ කරන පැය ගණන පැය 8 ක් කරන ලෙසත්,ඉහල වැටුපක් ගෙවන ලෙසත් ඉල්ලා එරට කම්කරුවන් මෙම වැඩ වැරුම සිදු කළේය.ධනේශ්වර පාලනය කම්කරුවන්ගේ ලේ හලමින් මේ වැඩ වැරුම මර්ධනය කළේය.ලෝකයම කම්පා කල ඒ සිදිවිමෙන් පසු 1888 දී දෙවන ජාත්‍යන්තරය අමතා ෆෙඩ්රික් එංගල්ස් කියා සිටියේ,ධනේශ්වරයේ කෘර මර්ධනය හෙලා දකින බවත්,එම සිදුවීම සිදු වූ මැයි පළමුවෙනිදා ලෝක කම්කරු දිනය ලෙස නම් කල යුතු බවත්ය.මෙහි ප්‍රතිපලයක් ලෙස 1890 මැයි 01 දා සිට ලෝක කම්කරු දිනය සැමරුම් දිනයක් බවට සම්මත විය.මෙය ලෝක මට්ටමින් සමරනු ලබන සුවිශේෂී දිනයකි.එහෙත් වර්තමානයේ මෙය වෙනස් වී,පැටලී ඇත.කම්කරුවාගේ දිනය ධනේශ්වරය විසින් උදුරාගෙන එහි අයිතිය තමන් සතු කරගෙන තිබේ.ධනේශ්වර පක්ෂ දේශපාලනය තම දේශපාලනයේ වාසියට මෙය භාවිතා කරමින් සිටි.කම්කරු දිනය වැඩකරන ජනතාවගේ දිනය බවට අද වන විට පරිවර්තනය කර තිබේ.සැබවින්ම මැයි දිනය හිමි කාටද ?කම්කරුවටද ?වැඩකරන ජනයාටද ?

FACEBOOK.......?

නව මාධ්‍ය අතර ප්‍රමුඛයා වශයෙන් හැදින්විය හැකි FACEBOOK මාධ්‍ය තුලින් සිදුවන ළමා අපචාර හා වෙනත් අපචාර ප්‍රමාණය පසුගිය වසරවලට වඩා  ඉතා ඉහල ගොස් ඇති බව ජනමාධ්‍ය අමත්‍යන්සය ප්‍රකාශ කරයි.ඒ හේතුවෙන් FACEBOOK හා වෙනත් තහනම් වෙබ් අඩවිවලට පිවිසෙන කුඩා ළමුන් ඉන් වලක්වා ගැනීමට කටයුතු යොදන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පසුගියදා සත්ත්ව උද්‍යානයේදී පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.ඒ සඳහා අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්න බවද ඔහු පැවසිය.මෙම වසරේ ගෙවුණු කාලසීමාව තුල FACEBOOK ජාලයට විරුද්ධව අපචාර පැමිණිලි 350 ක් පමණ වාර්තා වී තිබේ.