Tuesday, July 3, 2012

පැටලුන ලෝකයක කම්කරු දින සැමරුම

සම්පුර්ණයෙන් සියලුම දේවල් පැටලුන ලෝකයක,සමාජයක,රටක සුවිශේෂී සැමරුම් දිනයක් හෙට උදාවේ.ඒ ලෝක කම්කරු දින සැමරුමයි.නැතිනම් මැයි දින සැමරුමයි.1886 මැයි 01 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර සුවිශේෂ සිදුවීමක් විය.ඒ වැඩ වර්ජනයකි.තමන් වැඩ කරන පැය ගණන පැය 8 ක් කරන ලෙසත්,ඉහල වැටුපක් ගෙවන ලෙසත් ඉල්ලා එරට කම්කරුවන් මෙම වැඩ වැරුම සිදු කළේය.ධනේශ්වර පාලනය කම්කරුවන්ගේ ලේ හලමින් මේ වැඩ වැරුම මර්ධනය කළේය.ලෝකයම කම්පා කල ඒ සිදිවිමෙන් පසු 1888 දී දෙවන ජාත්‍යන්තරය අමතා ෆෙඩ්රික් එංගල්ස් කියා සිටියේ,ධනේශ්වරයේ කෘර මර්ධනය හෙලා දකින බවත්,එම සිදුවීම සිදු වූ මැයි පළමුවෙනිදා ලෝක කම්කරු දිනය ලෙස නම් කල යුතු බවත්ය.මෙහි ප්‍රතිපලයක් ලෙස 1890 මැයි 01 දා සිට ලෝක කම්කරු දිනය සැමරුම් දිනයක් බවට සම්මත විය.මෙය ලෝක මට්ටමින් සමරනු ලබන සුවිශේෂී දිනයකි.එහෙත් වර්තමානයේ මෙය වෙනස් වී,පැටලී ඇත.කම්කරුවාගේ දිනය ධනේශ්වරය විසින් උදුරාගෙන එහි අයිතිය තමන් සතු කරගෙන තිබේ.ධනේශ්වර පක්ෂ දේශපාලනය තම දේශපාලනයේ වාසියට මෙය භාවිතා කරමින් සිටි.කම්කරු දිනය වැඩකරන ජනතාවගේ දිනය බවට අද වන විට පරිවර්තනය කර තිබේ.සැබවින්ම මැයි දිනය හිමි කාටද ?කම්කරුවටද ?වැඩකරන ජනයාටද ?

No comments:

Post a Comment